ආසිරි මාලා පළඳා සමරන
ධීර වීර අපෙ විදුහල් මාතා
කිතු ගොස නංවන සිසු ගුණ පුබුදන
ධීර වීර අප විදුහල් මාතා .....
සිප් සත නංවා ගුණ දම් වපුරා
දෙස බස උදෙසා දරුවන් තනවා
දස දෙස විදු ආලෝකය විහිදු
ධීර වීර අප විදුහල් මාතා .....//
සුව දනවන මියුගුණයේ මනහර
දෙහිගම නම් සරු සාර භූමියේ
ලංකා මෑණිගෙ සුරතේ රැන්දූ
ධීර වීර අප විදුහල් මාතා.....//